(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගෙන වැඩිම මුදලක් නැවත එම අරමුදලට ගෙවීමට තිබෙන රටවල් අතර 13 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.
ලෝකයේ රටවල් 86 ක් ඇමෙරිකානු ඩොලර් බිලියන 162ක පමණ මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගෙවීමට ඇති අතර එම රටවල් අතරින් ශ්‍රී ලංකාව 13 වැනි ස්ථානය හිමිව ඇත.
ශ්‍රී ලංකාව වර්තමානය වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගෙවීමට ඇති මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 2.3 කි.
එම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය ආර්ජන්ටිනාවට හිමිව ඇති අතර ආර්ජන්ටිනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගෙවීමට ඇති මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 56.83 කි. එහි දෙවැනි ස්ථානය ඇමෙරිකානු ඩොලර් බිලියන 14.13 ක් ගෙවීමට ඇති යුක්රේනයත්, තෙවැනි ස්ථානය ඇමෙරිකානු ඩොලර් බිලියන 9.38 ක් ගෙවීමට ඇති ඊජිප්තුවත් හිමිකරගෙන ඇත.
ශ්‍රී ලංකාව ඉහළින් සිටින අනෙකුත් රටවල් නවය වන්නේ පාකිස්තානය, ඉක්වදෝරය, අයිවරි කෝස්ට්, කෙන්යාව, බංග්ලාදේශය, ඝානා, ඇන්ගෝලා, කොංගෝ සහ කොස්ට රිකාවය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අයි.එම්.එෆ්. ණය ශ්‍රේණිගත කිරිමේදී ලංකාව 13 වැනි තැනට